කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ අද පෑලියගොඩ සහ කැළණිය ප්‍රදේශවල ඇති පෞද්ගලික පොහොර සමාගම්වල නිරීක්ෂණයකට එක්වුණා.
රට තුල පොහොර හිගයක් පැවතිය ද පෞද්ගලික සමාගම් සිය ගබඩාවල පොහොර තොග විශාල වශයෙන් තබාගෙන සිටින ආකාරය අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට ලක්වූ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කළේ.
දෛනිකව නිකුත් කළ හැකි පොහොර ප්‍රමාණයන් නිකුත් කිරීමකින් තොරව අඩු වශයෙන් පොහොර නිකුත් කිරීමට සමාගම් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් මෙහිදී ප්‍රශ්ණ කර තිබෙනවා.
පොරොන්දු වූ දින වකවානුවලට අවශ්‍ය පොහොර නිකුත් නොකරන්නේ නම් රාජ්‍ය පොහොර සමාගම් මගින් ඒවා බෙදාහැරීම සඳහා පියවර ගැනීමට සිදුවන බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මෙහිදී පොහොර සමාගම්වලට ප්‍රකාශකර ඇත්තේ.
ඇතැම් පෞද්ගලික සමාගම් දිනකට පොහොර මෙට්‍රික් ටොන් 600ක් නිකුත් කිරීමට හැකියාව තිබියදී 300ක් වැනි අඩු ප්‍රමාණයක් නිකුත් කිරීම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රශ්නකර තිබෙනවා.
මීට පෙර පැවති සාකච්ඡාවලදී පොරොන්දු වූ ආකාරයෙන් දින 3ක් ඇතුලත ජනතාවට අවශ්‍ය සියලු පොහොර නිකුත් කරන ලෙසට සමාගම් නිලධාරීන්ට කෘෂිකර්ම අමාත්‍යවරයා දන්වා තිබෙනවා.
එසේ නොමැති වුවහොත් පොහොර බෙදා හැරීම රාජ්‍ය පොහොර සමාගම් හරහා සිදුකරන ලෙසටයි පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට සහ ගොවිජන සේවා නිලධාරීන්ට අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.
මේ අතර ඉන්දුනීසියාවේ සිට මෙරටට ගෙන්වන ලද යූරියා පොහොර තොගය රට තුල භාවිත කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණායතනයේ අද පැවති වැඩසටහනකට එක් වෙමින්.
පසුගිය 12 වනදා කොළඹ වරායට ළගා වුණු අදාළ නෞකාවේ අන්තර්ගත යූරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 9,795ක්.
එම පොහොර තොගය මේ වන විට රේගු භාරයේ රඳවාගෙන තිබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ අදාල පොහොර තොගය නිදහස් කිරීමට නෛතික ප්‍රතිපාදන තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
මෙරට තුල රසායනික පොහොර ආනයනය පසුගිය මැයි මස 6 වනදා සිට බලාත්මක පරිදි අත්හිටුවා තිබුනද අදාල පොහොර තොගය ඊට පෙර, පසුගිය මාර්තු මස 6 වනදා නෞකාවට පටවා ඇති බවට නැව්භාර පත්‍රයේ දැක්වෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නා.
අදාල පොහොර තොගය මෙරට පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගමක් මගින් ගෙන්වා ඇති බවටද අනාවරණ වී තිබෙනවා.
මේ අතර, රසායනික පොහොර නොමැති වීමෙන් වගාවන් සිදුකර ගැනීමට නොහැකිව තමන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බවට දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවීන් තවදුරටත් ප්‍රකාශ කරනවා.
මේ අතර සිය මව සමග එක්ව නිවසේ ඉවත ලන ද්‍රව්‍ය භාවිතා කරමින් කාබනික දියර පොහොර නිෂ්පාදනයට යොමු වූ තරුණයෙකු පිළිබඳ පුවතක් මාතර - පොල්හේන ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්තී අංශයට වාර්තා වුණා.

Follow US

Most Viewed Stories