ඇෆ්ගන් තානාපතිගේ දියණිය පැහැරගත් බවට වන චෝදනාව පාකිස්ථානය ප්‍රතික්ෂේප කරයි

Wednesday, 21 July 2021 - 8:32

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B6%B1+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පාකිස්ථානයේ ඇෆ්ගනිස්ථාන තානාපති නජීබ් අලික්හිල් ගේ දියණිය ඉස්ලාමාබාද් අගනුවරදී පැහැරගත් බව වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂෙයික් රසීඩ් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් පාකිස්ථාන විදේශ අමාත්‍යාංශය අදාළ සිදුවීම තහවුරු කරමින් කියා සිටියේ වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී තානාපති දියණිය මෙම සිදුවීමට මුහුණදී ඇති බවටයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරික්ෂණ ආරම්භ කර ඇති බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන තානාපති නජීබ් අලික්හිල් ගේ දියණිය ඉස්ලාමාබාද් අගනුවරදී කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් වද හිංසාවට ලක්කර ඇති අතර, ඇය තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

මෙම තත්වය හමුවේ ඇෆ්ගනිස්ථාන රජය පාකිස්ථානයේ සිටින තම තානාපතිවරයා ඇතුලු ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයින් යළි සිය රට කැඳවීමටයි තීරණය කරනු ලැබුවේ.