නායක දසුන් ශානක සහ පුහුණුකරු මිකී ආතර් පිටිය මැද ගැටෙයි (ඡායාරූප)

Wednesday, 21 July 2021 - 11:56

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AF%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B6%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B7%93+%E0%B6%86%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති දෙවැනි එක්දින තරගයෙන් අනතුරුව පිටිය මැද දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සහ පුහුණුකරු මිකී ආතර් අතර ඇතිවූ සංවාදය මේ වන විට සමාජ මාධ්‍ය කළඹන සිද්ධියක් බවට පත්ව තිබෙනවා.

තරගයෙන් නිමාවීමෙන් අනතුරුව පිටිය මැද ක්‍රීඩකයින් සිටිනා විට එහි පැමිණෙන පුහුණුකරු සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුල සංසරණය වනවා.

මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ අදහස් දක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු සහ ජාතන්තර ක්‍රිකට් තරග විචාරකයකු වන රසල් ආනල්ඩ් පවසන්නේ ක්‍රීඩාගාරය තුළ ඇතිවිය යුතු සංවාදයක් ක්‍රීඩා පිටිය මැදට ගෙන ඒම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සහ පුහුණුකරු විසින් නොකළ යුතුව තිබූ බවයි.

දෙවන එක්දින තරගයෙන් ද ඉන්දීය කණ්ඩායම අවසාන පන්දුවාරයේ පන්දු 5ක් ඉතිරිව තිබිය දී කඩුලු තුනක තියුණු ජයග් ජයග්‍රහණයක් අත්කර ගත්තේ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ ජයග්‍රහණය තරගයක් ඉතිරිව තිබියදී තමන් සතු කර ගනිමින්.