සරුංගල් යවමින් සිටි දරුවෙකු ළිඳකට වැටී මරුට (වීඩියෝ)

Wednesday, 21 July 2021 - 17:02

%E0%B7%83%E0%B6%BB%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%80%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
තඹුත්තේගම - ගුරුගම ප්‍රදේශයේදී සරුංගල් යවමින් සිටි නව හැවිරිදි දරුවෙකු අනාරක්ෂිත වගා ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ දරුවා ඊයේ වෙල් යායක සරුංගල් යවමින් සිටි අවස්ථාවේදී එහි තිබූ අඩි විස්සක් පමණ වූ අනාරක්ෂිත ළිඳකට වැටී ඇති බවයි.

දරුවා යළි නිවසට නොපැමිණීම නිසා දෙමව්පියන් කළ සොයා බැලීමකදීයි දරුවාගේ සිරුර ළිඳ තුළ තිබී සොයා ගැනුණේ.