නිරෝධායන නීති කැඩූ 189ක් පොලිස් අත්අඩංගුවේ

Thursday, 22 July 2021 - 7:01

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%96+189%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A
නිරෝධායන නීති කඩකළ 189 දෙනෙකු පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති කඩකළ 51,581 ක් අත්අඩංගුවට  ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

දීර්ඝ සති අන්තයක් හෙට සිට එළඹෙන බැවින් ජනතාව නිරෝධායන නීතින්ට අනුගතව කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දෙනවා.

දීර්ඝ සති අන්තයේ තුළ සංචරණ සීමා උල්ලංඝනය කරන පිරිස් සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අමතර පොලිස් නිලධාරීන් ද යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පළාත් සංචරණ ආසන්නව මාර්ග බාධක යෙදවීමටත් පොලිසිය කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.