ගුරු - විදුහල්පතිවරු අද කොළඹට

Thursday, 22 July 2021 - 7:43

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7
ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත් වී වර්ජනයේ නිරත ගුරු හා විදුහල්පතිවරුන් අද කොළඹ දී උද්ඝෝෂණයක් සංවිධාන කර තිබෙනවා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් සඳහන් කළේ දිවයින පුරා සිටින ගුරු - විදුහල්පතිවරුන් මෙම විරෝධතාව සඳහා සහභාගිවීමට නියමිත බවයි.

උදෑසන 10ට කොටුව දුම්රියපොළ අසළ සිට විරෝධතා පා ගමනකින් ජනාධිපති කාර්යාලය වෙත යාමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.

අද සිදුකරන මෙම විරෝධතාවයේදී ගුරු - විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම්වලට ආණ්ඩුවේ නිළ ප්‍රතිචාරය බලාපොරොත්තු වන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ.

ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් අද ඉවත්ව සිටින්නේ  11 වන දිනටයි.