ඇමති බන්දුලගෙන් පණ්ඩිත විවාදයකට ඇරයුමක්

Thursday, 22 July 2021 - 7:46

%EF%BB%BF%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%BB%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පසුගිය රජය විසින් රුපියල් ට්‍රිලියන 6ක විදේශීය ණය ගෙන ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

එසේ නොමැති බවට විපක්ෂයේ කවුරුන් විසින් හෝ ඔප්පු කරන්නේ නම් තමන් ඒ සඳහා පණ්ඩිත විවාදයකට ඇරයුම් කරන බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

මේ අතර, ඉහළ ප්‍රමිතියෙන් යුත් දේශීය කුළු බඩු වර්ග අඩංගු රුපියල් 1350ක වෙළදපොළ වටිනාකමක් සහිත කුළු බඩු ඇසුරුමක් රුපියල් 800ක සහන  මිලට අලෙවි කරන බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර එම මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළා.

ඉදිරි සති වලදී සතොස වෙළදසැල් ජාලයෙන් මෙම දේශීය කුළු බඩු ඇසුරුම සහන මිලට ලබා ගැනීමේ හැකියාව පවතින