අඟහරුගේ පළමු පස් පිඬ ගැනීමට සැරසේ

Thursday, 22 July 2021 - 7:53

%E0%B6%85%E0%B6%9F%E0%B7%84%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AC+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
නාසා ආයතනය විසින් අඟහරු ග්‍රහයා මත ගොඩබස්සවන ලද පර්සිෆියරන්ස් රෝවර් යානය මගින් එහි පළමු පාෂාණ සාම්පලය ලබාගැනීමට සූදානම් වනවා. පසුගිය පෙබරවාරි 18 වනදායි අගහරු ග්‍රහයාගේ ජෙසෙරෝ ආවාටයට මෙම යානය ගොඩ බස්සවනු ලැබුවේ.

මෙතෙක් චන්ද්‍රිකා ඡායාරූප මගින් ලබාගත් දත්ත අනුව කළකට පෙර විලක්ව පැවති ස්ථානයකින් මෙලෙස පාෂාණ කොටස් ලබාගන්නා බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පෙබරවාරි 18 වන දින අඟහරු මත ගොඩබැස්සවූ ස්ථානයේ සිට කිලෝමීටරයක් ඉදිරියෙන් මෙම පාෂාණ කොටස් ලබාගැනීමට නියමිතයි.

එමඟින් අඟහරු ග්‍රහයා මත ජීවය පවතීද යන්න නිශ්චිත වශයෙන් නිගමනය කළ හැකි බවයි විද්‍යාඥයන් ප්‍රකාශ කළේ.