කප්පම් ඉල්ලූ යුද හමුදා සෙබළුන් තුන්දෙනෙකු අත්අඩංගුවට

Thursday, 22 July 2021 - 8:41

%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මත්ද්‍රව්‍ය අලෙවි කරන කාන්තාවකගෙන් සහ පුද්ගලයෙකුගෙන් එය තවදුරටත් පවත්වාගෙන යාමට ඉඩදීම සඳහා කප්පම් ඉල්ලූ හමුදා සෙබළුවන් තුන්දෙනෙකු හලාවත සහ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ හලාවත - මයික්කුලම ප්‍රදේශයේ පදිංචි ගංජා සහ මත්කුඩු ජාවාරම්කාරියකගෙන් යුදහමුදා සෙබළුන් දෙදෙනෙකු කප්පම් ඉල්ලා ඇති බවට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මොවුන් ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බවයි.

මොවුන් දෙදෙනා පැමිණිලිකාරියගෙන් රුපියල් 15,000 ක මුදලක් ලබාගැනීමට උත්සාහ කර තිබෙනවා.

එමෙන්ම තවත් යුද හමුදා සෙබලෙකුද සීදූව ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයෙකුගෙන් රුපියල් 80,000 ක මුදලක් කප්පම් ලෙස ලබාගැනීමට උත්සහ කළ අවස්ථාවේදි අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම යුද හමුදා සෙබළුවන් තුන්දෙනා සේවයෙන් නෙරපීමට කටයුතු කරන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර ඇත්තේ.