ගුරු විදුහල්පති විරෝධතාවයෙන් ගාලු පාර අවහිර වෙයි (වීඩියෝ)

Thursday, 22 July 2021 - 11:56

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A++%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
වැටුප් විශමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු - විදුහල්පති වෘත්තිය සමිති 30ක් අද කොළඹදී උද්ඝෝෂණයක් ආරම්භ කළා.

කොටුව දුම්රයපොළ ඉදිරිපිට සිට පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි විරෝධතාකරුවන් මේ වන විටත් එම ස්ථානයේ උද්ඝෝෂණයේ නිරත වනවා.

මෙම උද්ඝෝෂණය සංවිධාන කර ඇත්තේ ගුරු - විදුහල්පති වැටුප් විශමතාව ඉවත් කිරීම, ආණ්ඩුවේ මර්දනය නතර කිරීම සහ කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත් කර ගැනීම යන ඉල්ලීම් මුල් කර ගනිමින්.

ඒ සඳහා ලංකා ගුරු සේවා සංගමය, ලංකා ගුරු සංගමය, විදුහල්පති සේවා සංගමය ඇතුළු ගුරු - විදුහල්පති වෘත්තීය සමිති 30ක් එක්ව සිටිනවා.

විරෝධතාකරුවන් අද පෙරවරුවේ කොටුව දුම්රියපොල ඉදිරිපිටට රැස්වී මෙලෙස උද්ඝෝෂණයේ නිරත වුණා.

අනතුරුව එම පිරිස කොටුව දුම්රියපොල ඉදිරිපිට ඕල්කට් මාවත ඔස්සේ ඉදිරියට පැමිණීමත් සමඟ කොළඹ කොටුව ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්ද
හටගත්තා.

විරෝධතාකරුවන් පෙළපාලියකින් ලෝටස් වටරවුම ඔස්සේ ගමන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසටයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු ඔවුන් සමඟ සාකච්ඡාවක නිරත වූ අතර ගුරු සංගම් නියෝජිතයින් ඔහුට ලිපියක්ද බාර දුන්නා.

අනතුරුව ගුරු සංගම් නියෝජිතයන් තිදෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් සාකච්ඡාවකට අවසර හිමිවුණා.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මේ වන විටත් උද්ඝෝෂණය ක්‍රියාත්මක වන අතර අදාළ ගුරු සංගම් නියෝජිතයින් ජනාධිපති ලේකම්වරයා සමඟ සාකච්ඡාවක නිරත වන බවටයි වාර්තා වන්නේ.