වැල්ලවායෙන් හමුවුනු අපේ උරුමය (වීඩියෝ)

Thursday, 22 July 2021 - 12:34

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අතීතයේ භික්ෂූන් වහන්සේ වැඩසිටි බවට සැළකෙන ගල්ලෙන් සහිත ආරාම සංකීර්ණයක් වැල්ලවාය ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා.

මේ පිළිබඳ මූලික ගවේෂණ කරන පර්යේෂකයන් අනුමාන කරන්නේ මෙම ආරාම සංකීර්ණයට වසර 2000කට වඩා පැරණි ඉතිහාසයක් ඇති බවයි.

මේ වැල්ලවාය - ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙහෙරයාය සහ ආඳවෙලයාය ග්‍රාම නිලධාරී වසම් දෙක අතර පිහිටා ඇති කිරිමැටිආර කන්දයි.

මෙම කන්දෙහි අතීතයේ භික්ෂූන් වහන්සේලා වැඩසිටිබවට සැළකෙන කටාරම් සහිත ගල්ලෙන්වලින් සමන්විත ආරාම සංකීර්ණයක් හමු වී තිබෙනවා.

මේ සම්බන්ධව මූලික ගවේශනයට ඉදිරිපත් වූ පර්යේෂකයන් අනුමාන කරන්නේ මෙය වසර 2000 කට වඩා පැරණි ඉතිහාසයක් ඇති ස්ථානයක් බවයි.

මෙහි ආරාම සංකීර්ණය තුළ ආරාම කුටි 7ක් හමුවන අතර එහි විශාලතම ආරාම කුටිය දිගින් අඩි 60ක් සහ පළලින් 15 - 20ත් අතර වපසරියක විහිදී තිබෙනවා.

මෙම ගල්ලෙන ආරාමික භික්ෂුන්වහන්සේලා පරිහරණය කරන්නට ඇතැයි සැලකෙන සෙල්ලිපියක්ද දක්නට ලැබෙන අතර ගවේෂකයන් පෙන්වා දේනනේ
ක්‍රිස්තු පූර්ව පළමු සියවස හෝ ඒ ආසන්න කාලයේදී භාවිත වූ අක්ෂර රටාවන් එහි දක්නට ලැබෙන බවයි.

කෙසේ වෙතත් මෙම ස්ථානයේ ඇති ගඩොල් සහිත ප්‍රදේශයක් සහ ආරාම කුටි ඇතුළත කොටස් මේ වනවිටත් නිධන් හොරුන් විසින් විනාශකර තිබෙනවා.

අතීතයේ මෙරට සමාජ, ආර්ථික සහ ආගමික තොරතුරු රැසක් පිළිබඳ තොරතුරු කියාපාන මෙවැනි ස්ථාන ගවේෂණයක් මතු පරපුරට ආරක්ෂා කරගැනීම බලධාරීන්ගේ වගකීමක්.