මව්කිරි සමඟ වසදුන් කතක් 4 වනදා දක්වා රිමාන්ඩ්

Thursday, 22 July 2021 - 12:53

%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%80%E0%B7%83%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+4+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
දින 16 ක් වයසැති සිය බිළිඳියට වස දමා මව්කිරි පෙවීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මව ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඇය හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හම්බන්තොට - සිප්පිකුලම් ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මෙම මව පසුගියදා හම්බන්තොට මහ රෝහලේදී දරුවා ප්‍රසූත කර තිබුණා.

එහිදි අඩු බර දරු උපතක් වීම හේතුවෙන් දරුවාගේ බර යථා තත්වයට පත් කරගැනීම සඳහා බිළිඳා නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කර තිබූ බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

සැකකාර මව දිනපතා බිළිඳියට මව්කිරි දොවා පෙවීම සිදුකරන අතර, එම අවස්ථාවේදියි මව්කිරිවලට වස මිශ්‍රකොට පෙවීමට උත්සාහ කර තිබුණේ.

එම අවස්ථාවේදී ඒ පිළිබඳව විමසිලිමත්ව සිටි රෝහල් කාර්ය මණ්ඩලය වහා ඇයගේ මෙම ක්‍රියාව ව්‍යවර්ථ කර තිබෙනවා.