මත්කුඩු සමඟ ඇල්ලූ කළුතර උප පොලිස් පරීක්ෂක ඇතුලු තුන්දෙනා යළි රිමාන්ඩ්

Thursday, 22 July 2021 - 13:26

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB+%E0%B6%8B%E0%B6%B4+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
රුපියල් කෝටි පනහකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමග අත්අඩංගුවට ගත් දකුණු කළුතර පොලිස් ස්ථානයේ උප පොලිස් පරික්ෂකවරයා ඇතුළු තුන්දෙනා ලබන මස 05 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවේ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදියි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව සැකකරුවන්ගේ ඇඟිලි සළකුණු වාර්තා ලබාගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා නියම කළා.