නෝර්විජියානු පාර්ලිමේන්තුවට එල්ලවූ සයිබර් ප්‍රහාරය ගැන චීන තානාපතිගෙන් කරුණු විමසයි

Thursday, 22 July 2021 - 14:03

%E0%B6%B1%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B6%BA%E0%B7%92
නෝර්වීජියානු පාර්ලිමේන්තුවට එල්ලවූ සයිබර් ප්‍රහාරය චීනයේ සිට සිදුවූවක් බවට අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව නෝර්වේ හි සිටින චීන තානාපතිවරයාගෙන් ඒ පිළිබඳව කරුණු විමසීමට එරට විදේශ අමාත්‍යාංශයට කැඳවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පසුගිය මාර්තු 10 වනදා නෝර්විජියානු පාර්ලිමේන්තුවට සයිබර් ප්‍රහාරයක් එල්ල කර එහි ඊමේල් පද්ධතියට හානි සිදුකර තිබුණා.

ඒ පිළිබඳව මාස ගණනාවක් තිස්සේ දීර්ඝ තාක්ෂණික පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව අනාවරණ වී ඇත්තේ එය චීනයේ සිට සිදුවූවක් බවයි.

ඒ අනුව ඔස්ලෝ හි චීන තානාපතිවරයා කැඳවා ඒ පිළිබඳ සිය විරෝධය පළ කර විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස නිල දැනුම්දීමක් සිදුකිරීමට නෝර්වීජියානු විදේශ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

නෝර්වේ විදේශ අමාත්‍ය ඉනේ එරික්සන් ප්‍රකාශ කර ඇත්තේ තම පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදයේ සුවිශේෂී සලකුණක් බැවින් මෙම සයිබර් ප්‍රහාරය ඉතා බරපතල ලෙස සළකන බවයි.