විදේශ රැකියාවලට යන අයට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක්

Thursday, 22 July 2021 - 14:26

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
වීසා අනුමත වී විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිතව සිටින සියළු දෙනාට එම රටවල් පිළි ගන්නා කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා.

මේ වන විටත් රටවල් 15ක පමණ රැකියා බලපත්‍ර සහ වීසා අනුමත වූ මෙරට ශ්‍රමිකයන් 8000කට ආසන්න පිරිසක් එම රටවල් පිළිගන්නා කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අනාවරණ වී ඇත්තේ.