බද්දේගමිනුත් ඩෙල්ටා ප්‍රභේදය දැයි සැක රෝගීන් දෙදෙනෙක්

Thursday, 22 July 2021 - 17:11

%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A9%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
ගාල්ල - බද්දේගම ප්‍රදේශයෙන් ඩෙල්ටා ප්‍රභේදය පවතින බවට සැක සහිත රෝගීන් දෙදෙනෙකු හමුවී තිබෙනවා.

ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් මෙම ආසාදිතයින් දෙදෙනා හමු වී ඇති අතර, ඔවුන්ගේ ආශ්‍රිතයින් 30 දෙනෙකු පමණ මේ වන විට නිවෙස් නිරෝධායනයට යොමු කර ඇති බවයි බද්දේගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළේ.

මීට සති දෙකකට පමණ පෙර කොරෝනා එන්නත ලබාගෙන ඇති මෙම ආසාදිතයින් දෙදෙනා බද්දේගම - උතුර සහ තිලකඋදාගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි වාර්තා වන්නේ.