කොරෝනා ආසාදිතව මියගිය සහ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන අය කිසිදු එන්නතක් ලබානොගත් අය බව සෞඛ්‍ය අමාත්‍යවරිය කියයි

Thursday, 22 July 2021 - 17:28

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B7%80+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B7%80%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA+%E0%B6%B6%E0%B7%80+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරසය ආසාදනයෙන් මියගිය සහ අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් අති බහුතරයක් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන නොමැති අය බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

එබැවින් වයස අවුරුදු 60ට වැඩි සහ විවිධ සංකූලතා ඇති ජනතාව එන්නත්කරණ වැඩසටහන්වලට සහභාගී වී එන්නත් ලබාගෙන තමන් ද ආරක්ෂා වී අන් අයගේ ද ජීවිත ආරක්ෂා කරන ලෙසටයි අමාත්‍යවරිය ඉල්ලා සිටින්නේ.

එන්නත්කරණ වැඩසටහනේ ප්‍රධාන අරමුණ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම බව ද ඇය සඳහන් කළා.

මේවන විට රජය විසින් ප්‍රමුඛතාව අනුව දිවයින පුරා ආවරණය වන පරිදි එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණයට එන්නත් තොග ලැබී ඇති අතර ඉදිරියටත් ලැබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය කියාසිටියේ.

පසුගිය දින කිහිපය තුළ රජය විසින් සාර්ථක ආකාරයෙන් එන්නත් ක්‍රියාවලිය සිදු කළ ද එන්නත් ලබාගැනීමට පැමිණෙන ජනතාවගේ යම් අඩුවීමක් සහ මන්දගාමී බවක් දක්නට ලැබී තිබෙනවා.

ඒ බව දත්ත සහ තොරතුරුවලින් සෞඛ්‍ය බලධාරින් පෙන්වාදී ඇති බවයි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියාසිටියේ.

කොවිඩ් ආසාදිතව මියගිය සහ දැඩි සත්කාර ඒකකවල සිටින පිරිස එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන නොමැති අය බවට හෙළිවී ඇත්තේ එම දත්ත සහ තොරතුරු වලිනුයි.

එන්නත්කරණ වැඩසටහන්වල ප්‍රධාන අරමුණ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම බව ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කියාසිටියා.