විවාහ මංගල උත්සව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට - නීති කැඩුවොත් නඩු (වීඩියෝ)

Thursday, 22 July 2021 - 18:24

%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%2C+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+-+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
විවාහ මංගල උත්සව පරීක්ෂා කර සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකර නිරෝධායන නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන ස්ථානවලට නීතිමය පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ ඉදිරියේදී පවත්වන සියලු විවාහ මංගල උත්සව පරීක්ෂා කරන බවයි.

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් උත්සව පවත්වන සහ ඊට සහය දෙන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවයි ඔහු අවධාරණය කළේ.

මේ අතර, ගාල්ල - බද්දේගම ප්‍රදේශයෙන් ඩෙල්ටා ප්‍රභේදය වැළදී ඇති බවට සැක කෙරෙන රෝගීන් දෙදෙනෙකු හමුවී තිබෙනවා.

ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් මෙම ආසාදිතයින් දෙදෙනා හමු වී ඇති අතර, ඔවුන්ගේ ආශ්‍රිතයින් 30 දෙදෙනෙකු පමණ මේ වන විට නිවෙස් නිරෝධායනයට යොමු කර ඇති බවයි බද්දේගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළේ.

මීට සති දෙකකට පමණ පෙර කොරෝනා එන්නත ලබාගෙන ඇති මෙම ආසාදිතයින් දෙදෙනා බද්දේගම - උතුර සහ තිලකඋදාගම ප්‍රදේශවල පදිංචිකරුවන්.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ කොරෝනා ආසාදිතව මියගිය හා දැඩි සත්කාර ඒකකවල අසාධ්‍යව සිටින කොවිඩ් රෝගීන් බහුතරයක් එකදු එන්නතක්වත් ලබාගෙන නොමැති බවයි.

එන්නත්කරණ ක්‍රියාවලිය සිදුකළ ද එන්නත් ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ අඩුවීමක් දක්නට ලැබෙන බව ද එම අමාත්‍යාංශය සඳහන් කළා.

එමෙන්ම, වීසා අනුමත වී විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂාවෙන් සිටින සියළු දෙනාට එම රටවල් පිළි ගන්නා කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා.

මේ වන විටත් රටවල් 15කට පමණ රැකියා බලපත්‍ර සහ වීසා අනුමත වූ මෙරට ශ්‍රමිකයන් 8000කට ආසන්න පිරිසක් එම රටවල් පිළිගන්නා කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද පැවති සාකච්ඡාවකදී අනාවරණ වී ඇත්තේ.

ඩුබායි, බහාරේන්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන්, ඕමාන්, කටාර්, සෞදි අරාබිය, සී -  ෂෙල්ස්, සිංගප්පූරුව, දකුණු කොරියාව, ඊශ්‍රායලය, සයිප්‍රසය ඇතුළු තවත් රටවල් කිහිපයකට මෙම පිරිස් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

මෙම රටවල් පිළිගන්නා කොවිඩ් මර්දන එන්නත බැවින් ලබන සතියේදී කොළඹ මධ්‍යස්ථානයකදී මෙම එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරිය එහිදී සදහන් කළා.

මේ අතර, කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මැයි මාසයේ සිට වසා දමා ඇති දෙහිවල සත්ත්ව උද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය යළි ජනතාව සඳහා ලබන 26 වන දා යළි විවෘත කරන බවයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.