රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර රිය අනතුරකින් තුවාල ලබයි

Thursday, 22 July 2021 - 18:58

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර රිය අනතුරකට ලක්ව තුවාල ලබා තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සිය දෛනික ව්‍යායාම සඳහා පාපැදියක නැගී ගමන් කරමින් සිටියදී අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙනුයි ඊයේ (21) මෙම අනතුර සිදුව ඇත්තේ.

කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසලදී සිදුවූ මෙම අනතුරෙන් අමාත්‍යවරයාගේ නලලට, අත් සහ පාදවලට තුවාල සිදුවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවේ, එය සාමාන්‍ය අනතුරක් බවයි.

තුවාල සඳහා ප්‍රතිකාර ලබාගෙන එදිනම තමා නිවසට පැමිණි බව ද ඔහු සඳහන් කළා.