අද සාකච්ඡාවෙනුත් විසඳුම් නැහැ - ගුරු, විදුහල්පති ඔන්ලයින් වර්ජනය තවදුරටත් (වීඩියෝ)

Thursday, 22 July 2021 - 19:43

%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු තවත් ඉල්ලීම්  කිහිපයක් මුල් කරගනිමින් ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව ගුරු - විදුහල්පති සංගම් ප්‍රකාශ කළා.

ඒ, අද දහවල් ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඔවුන් අද පෙරවරුවේ කොටුව දුම්රියපල අසළ සිට විරෝධතා පා ගමනකින් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අතර අනතුරුව වෘත්තීය සමිති නියෝජිතයින් 3 දෙනෙකුට ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් හිමි වුණා.

සාකච්ඡාව පැවැත්වෙන අතරතුර ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ජනාධිපති කාර්යාලයට පිවිසීම සඳහා පැමිණිය ද විරෝධතාකරුවන් ගේට්ටුව අවහිර කරමින් ඔහු පැමිණි මෝටර් රථයට යාමට ඉඩ ලබාදුන්නේ නැහැ.

එහිදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර විරෝධතාකරුවෙකු නිශ්ශංක සේනාධිපතිගේ මෝටර් රථයේ ටයරයක හුළං යැවීමට උත්සාහ කළා.

කෙසේ වෙතත්  විරෝධය හමුවේ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති  එම ස්ථානයෙන් පිටව ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරුව, සාකච්ඡාවට එක්වූ වෘත්තිය සමිති නියෝජිතයන් ජනාධිපති කාර්යාලයෙන් පිටතට පැමිණි අතර, ලබන සඳුදා තම ඉල්ලීම්වලට විසදුම් සහිත කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවට සාකච්ඡාවේදී බලධාරීන් පොරොන්දු වූ බවයි වෘත්තීය සමිති නියෝජිතයින් එහිදී ප්‍රකාශ කළේ.

මෙම විරෝධතාව පැවැත්වෙන අතරතුර ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුලු පිරිසක් මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දුටුවා.

මේ අතර, ගාල්ල සහ බලංගොඩ ප්‍රදේශවලදී ද අද දහවල් ගුරු - විදුහල්පති සංගම් වැටුප් විෂමතා ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් විරෝධතාවවල නිරත වුණා.