මාත්‍රා දෙකම එකවර ලබා ගැනීම අවදානමක් නැහැ

Thursday, 22 July 2021 - 19:46

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%B8+%E0%B6%91%E0%B6%9A%E0%B7%80%E0%B6%BB+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
කොරෝනා මාත්‍රා දෙකම එකවර ලබා ගැනීමෙන් සෞඛ්‍යමය වශයෙන් අවදානමක් ඇති නොවන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

උඩපේරාදෙණිය ප්‍රදේශයේ කාන්තාවකට අත් වැරදීමකින් එන්නත් මාත්‍රා දෙකම එකවර ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

මොර්ඩනා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීම සඳහා මහනුවර - උඩපේරාදෙණිය - ඔගස්ටාවත්ත ප්‍රදේශයේ එන්නත්කරණය මධ්‍යස්ථානයක් වෙත පැමිණි මෙම කාන්තාවට එන්නත එකවර අවස්ථා දෙකකදී ලබාදී තිබෙනවා.

අනතුරුව සංකූලතා පෙන්නුම් කිරීම හේතුවෙන් ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.