කොතලාවල නව පනත් කෙටුම්පත ගැන ආරක්ෂක ලේකම්ගෙන් පැහැදිලි කිරීමක් (වීඩියෝ)

Thursday, 22 July 2021 - 20:05

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය නව පනත් කෙටුම්පත මගින් නිදහස් අධ්‍යාපනය අවහිර කිරීමේ වුවමනාවක් රජයට නොමැති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා.

ඒ, එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙම පනත් කෙටුම්පතෙහි පළමු කොටසේ 2 වන ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ කුමක් සදහන් වුවද එය නොතකමින් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය පිහිටුවිය යුතු බවයි.

නව පනත් කෙටුම්පතට අනුව ආරක්ෂක අමාත්‍යවරයාට කලින් කලට ඔහු විසින් අවශ්‍ය යැයි සළකනු ලැබිය හැකි කාරණා සම්බන්ධයෙන් පාලක මණ්ඩලය වෙත ලිඛිත විධාන නිකුත් කළ හැකි වනවා.

එමෙන්ම, විශ්ව විද්‍යාලයේ පාලක මණ්ඩලයේ සභාපති ලෙස ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කරන අතර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සහ ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු නිලධාරීන් 09 දෙනෙකුගෙන් සමන්විතයි.

නව පනත් කෙටුම්පත එරෙහිව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉදිරිපිට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංගම් කිහිපයක් අද විරෝධතාවක නිරත වුණා.

මේ අතර, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ හමුදාව මගින් පාලනය වන සමාන්තර අධ්‍යාපන පද්ධතියක් බිහිකිරීමේ සංකල්පයට තම පක්ෂය එකග නොවන බැවින් මෙම පනත් කෙටුම්පතට විරෝධය පල කරන බවයි.