තවත් ළමා අපයෝජනයක් ගැන CIA අනාවරණය (වීඩියෝ)

Thursday, 22 July 2021 - 20:17

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B6%85%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+CIA+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
බාල වයස්කාර දරුවන් වැඩිහිටියන්ගේ ගොදුරු බවට පත්වීමේ ශෝචනීය පුවත් පසුගිය කාලයේ වැඩි වශයෙන් මෙරටින් වාර්තා වුණා.

කුරුණෑගල - ගොඩවෙල ප්‍රදේශයෙන් වාර්තා වු තවත් එවැනි සිදුවීමක් පිළිබඳවයි අද සී.අයි.ඒ. අනාවරණය.

කුරුණෑගල - රිදීගම - ගොඩවෙල ප්‍රදේශයේ ජීවත්වන මෙම දැරියගේ වයස අවුරුදු 14 ක්.

දැරියගේ මව මන්ද මානසික තත්ත්වයෙන් පෙළෙන අතර අසල පිහිටි ඇලකින් වැලි ගොඩදමා විකිණීමෙන් ඔවුන් ජීවිකාව සරි කර ගන්නවා.

වසර කිහිපයකට පෙර දැරියගේ මව වෙනත් පුරුෂයෙකු හා විවාහ වී මාතලේ ඇළහැර ප්‍රදේශයට මොවුන්ව ගෙන ගොස් තිබෙනවා.

දැඩි ලෙස බීමට ඇබ්බැහි වී ඇති එම පුද්ගලයා නිරන්තරයෙන් මවට පහරදෙන බවයි දැරිය පවසන්නේ.