චීන ජනපති ටිබෙටයට

Friday, 23 July 2021 - 20:20

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A7%E0%B7%92%E0%B6%B6%E0%B7%99%E0%B6%A7%E0%B6%BA%E0%B6%A7
චීන ජනාධිපති ෂී - ජින් පින් ටිබෙටයේ සංචාරයක නිරත වී තිබෙනවා.

චීනයේ රාජ්‍ය නායකයෙකු ටිබෙටයේ සංචාරයක් සඳහා ගොස් ඇත්තේ වසර 30කට පසුව බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පෙරේදා සිය සංචාරය ඇරඹි චීන ජනාධිපතිවරයා ඊයේ දක්වා එහි රැදී සිට තිබෙනවා. කෙසේ වෙතත් මේ පිළිබඳව වාර්තා පළව ඇත්තේ අද දිනයේයි.

විදෙස් වාර්තා සඳහන් කළේ චීන ජනාධිපතිවරයා ටිබෙටයේ අගනුවර වන ලාසා වෙතද ගොස් ඇති බවයි.