ඉන්දියාවට එරෙහි අවසන් එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

Friday, 23 July 2021 - 23:31

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුළු 3 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා.

තරගය පැවැත්වුනේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාවේ ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් එක් කණ්ඩායමකට පන්දුවාර 47 බැගින් ලබාදීමටයි තීරකයන් කටයුතු කළේ.

අනතුරුව පන්දුවට පහරදුන් ඉන්දියාවට පන්දුවාර 43යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 225ක් පමණයි.

පන්දු යැවීමේදී අකිල ධනංජය සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 3 බැගින් බිඳහෙලුවා.

දුෂ්මන්ත චමීර කඩුලු දෙකයි.

තරගයේ ජයග්‍රහණය සඳහා ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාව පන්දුවාර 47කදී ලබාගත යුතු වූ ලකුණු සංඛ්‍යාව 227ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටිය පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු  කළා.

අවිශ්ක ප්‍රනාන්දු 76යි. භානුක රාජපක්ෂ ලකුණු 65ක් ලබාගත්තා.

ශ්‍රී ලංකාව සමග පැවති පළමු තරග දෙකම ජයගත් ඉන්දියාව මෙම තරගාවලිය ජයග්‍රහණය කරනවා. දෙරට අතර 20යි 20 තරගාවලිය ලබන 25 වනදා ආරම්භ වනවා.

එම තරග පැවැත්වෙන්නේ ද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories