චීනයෙන් ඇමරිකාවට සම්බාධක

Saturday, 24 July 2021 - 8:17

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A
චීනය ඇමරිකාවට එරෙහිව නව සම්බාධක පනවා තිබෙනවා.

ඇමරිකාවේ පුද්ගලයන් හා සංවිධාන ඉලක්ක කර චීනය විසින් සම්බාධක පැනවූ පුද්ගලයන් අතර එරට වාණිජ ලේකම් විල්බර් රෝස් ද වන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

චීනය මෙලෙස සම්බාධක පනවා ඇත්තේ ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ෂර්මන් චීනයේ සංචාරය කිරීමට දින කිහිපයක් තිබියදී වීම විශේෂත්වයක්.

ඇමරිකාව විසින් මීට පෙර හොංකොං හි චීන නිලධාරීන්ට එරෙහිව සම්බාධක පනවනු ලැබුවා.

ඒ, චීනයේ මර්දනකාරී ක්‍රියා පිළිවෙතට ප්‍රතිචාර ලෙසයි.