තලේබාන් සහ අල්කයිඩා සබඳතා ගැන ඇෆ්ගන් ජනපතිගෙන් ප්‍රකාශයක්

Saturday, 24 July 2021 - 12:57

%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8F+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තලේබාන් හා අල්කයිඩා ඇතුළු ත්‍රස්ත සංවිධාන අතර ඉතා ගැඹුරු සබඳතාවක් පවතින බව ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි පවසනවා.

කාබුල් අගනුවර විශේෂ මෙහෙයුම් අණදෙන මධ්‍යස්ථානයේ නිරීක්ෂණයකට එක්වෙමින් ඔහු කියා සිටියේ තලේබාන්, අල්කයිඩා, ලෂ්කාර් ඊ ටයිබා සහ ජයිෂ් ඊ මොහොමඩ් ඇතුලු සංවිධානවල අවශ්‍යතාව වී ඇත්තේ ඇෆ්ගනිස්ථානය කැරළිකරුවන්ගේ සුරපුරයක් කරගැනීමට බවයි.

කෙසේ වෙතත්, ඇෆ්ගන් රජය ඒ සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන බව ජනාධිපති අෂ්රෆ් ඝානි අවධාරණය කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානුවන් ආරක්ෂා කිරීමට සහ සමානාත්මතාව, නිදහස සුරක්ෂිත කිරීමට මෙන්ම ගතවූ වසර විස්සක කාලය තුළ ළඟා කරගත් ජයග්‍රහණ ආරක්ෂා කිරීමට තමා කටයුතු කරන බවයි ඔහු එහිදී සඳහන් කළේ.