සීමා ලිහිල් කරන්නැයි ඉල්ලා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක විරෝධතා

Saturday, 24 July 2021 - 17:31

%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
කොරෝනා සීමා ලිහිල් කරන ලෙස ඉල්ලා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක විරෝධතා ආරම්භ කර තිබෙනවා.

දහස් ගණන් ජනතාව සිඩ්නි නුවරට රැස් වී විරෝධතා පැවැත්වූ අතර මෙල්බන් සහ බ්‍රිස්බන් නගරවලද උද්ඝෝෂණ පැවති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

සිඩ්නි නුවර පැවති විරෝධතාවලදී 57 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩෙල්ටා ප්‍රභේදය සීග්‍ර ලෙස පැතිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු රජය රට පුරා නැවත වසා දැමීම් සිදු කළා.