රතු ලැයිස්තුවේ රටවලට යන අයට සෞදි අරාබියෙන් වසර 03 ක සංචාර තහනමක්

Wednesday, 28 July 2021 - 8:32

%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+03+%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සහ නව ප්‍රභේදවල අවදානම හේතුවෙන් සෞදි අරාබිය විසින් සංචාරය තහනම් කර ඇති රටවල් වෙත යන පුරවැසියන්ට වසර 03 ක සංචාර තහනමක් පැනවීමට තීරණය කර තිබෙනවා.

සෞදි වැසියන්ට පසුගිය වසරේ මාර්තු මාසයෙන් අනතුරුව පසුගිය මැයි මාසයේදී බලධාරීන්ගේ අනුමැතියකින් තොරව විදේශ සංචාරයන් සඳහා අවසර ලබාදුන්නා. එහිදී ඔවුන් සංචරණ රෙගුලාසි උල්ලංඝනය කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මේ හේතුවෙන් සෞදි අරාබිය විසින් සංචාරය තහනම් කර ඇති රටවල් වෙත යන පුද්ගලයින්ට වසර 03 ක් යනතුරු විදෙස් සංචාරයේ යෙදීම තහනම් වනු ඇති.

සෞදි අරාබිය විසින් මෙලෙස සංචාර තහනමක් පනවා ඇති රටවල් වන්නේ ඇෆ්ගනිස්ථානය, ආර්ජන්ටිනාව, බ්‍රසීලය, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දුනීසියාව, ලෙබනනය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, තුර්කිය, වියට්නාමය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දියාවයි.