ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළට

Wednesday, 28 July 2021 - 13:39

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුල ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 43,654 ක් වාර්තා වී ඇති අතර එය පෙර දිනට වඩා සියයට 47 ක වැඩිවීමක් බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

මෙලෙස ඉන්දියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇත්තේ මාස 4 කට පසු ප්‍රථම වරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 30,000 ට වඩා අඩුවීමෙන් අනතුරුවයි.

ඊයේ දිනයේදී ඉන්දියාවෙන් තවත් කොරෝනා මරණ 640 ක් වාර්තා වූ අතර, එරට සමස්ත මරණ සංඛ්‍යාව හාරලක්ෂ 22,022 දක්වා ඉහළ ගියා.