ඇලස්කාවේ ප්‍රබල භූ කම්පනයක් - සුනාමි අවදානමක් පවතී දැයි ජපානයත් අවධානයෙන්

Thursday, 29 July 2021 - 13:15

%E0%B6%87%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%93+%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
උතුරු අර්ධගෝලය ආසන්නයේ පිහිටි ඇලස්කා අර්ධද්වීපයේ අද සිදුවූ රික්ටර් පරිමාණයේ 8.2 ක ප්‍රබල භූ කම්පනය හේතුවෙන් එම කලාපය තුල සුනාමි අවදානමක් ඇතිවී තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කළා.

කිලෝමීටර් 25 ක් ගැඹුරෙන් මීට පැය එකයි කාලයකට පමණ පෙර එනම් ග්‍රිනිච් වේලාවෙන් 6.15 ට සිදුවූ මෙම භූකම්පනය හේතුවෙන් පැසිෆික් සුනාමි මධ්‍යස්ථානය, පැසිෆික් වෙරළාසන්න ප්‍රදේශවලට අවදානමක් නිකුත් කළා.

ඒ අනුව ඇමෙරිකානු ප්‍රාන්ත දිවයිනක් වන හවායි මෙන්ම පැසිෆික් කලාපයේ පිහිටි ඇමෙරිකානු ප්‍රදේශයක් වූ ගුවාම් වෙත සුනාමි අවදානමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පැසිෆික් සුනාමි මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ භූ කම්පනය මගින් ඇමෙරිකාවේ සහ කැනඩාවේ පැසිෆික් වෙරළාසන්නව පිහිටි අනෙකුත් නගරවලට පවතින අවදානම ඇගයීමට ලක් කරන බවයි.

කෙසේ නමුත්, යුරෝපීය භූ විද්‍යා මධ්‍යස්ථානය මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ 8 ක් ලෙස දක්වා ඇති අතර ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත්තේ රික්ටර් පරිමාණයේ 7 යි දශම 2 ක භූ කම්පනයක් ලෙසින්.
   


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories