ඉන්දියාවේ කොරෝනා කේන්ද්‍රය කේරළයට

Thursday, 29 July 2021 - 13:21

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85%E0%B6%BA%E0%B6%A7
ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වී ඇති කේරලයෙන් ඊයේ දිනයේදී නව කොරෝනා ආසාදිතයින් 22,000 ක් සහ මරණ 131 ක් වාර්තා වුණා.

අද උදෑසන අවසන් වූ පැය 24 තුල ඉන්දියාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43,509 ක්.

එමෙන්ම, ගත වූ පැය 24 තුල තවත් කොරෝනා මරණ 640 ක් වාර්තා වීමත් සමඟ ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හාරලක්ෂ 22,000 දක්වා ඉහළ ගියා.

කේරළයෙන් වාර්තා වන නව ආසාදිතයන් සංඛ්‍යාව ඉන්දියාවේ සමස්ත දෛනික ආශ්‍රිත සංඛ්‍යාවෙන් සියයට 50 ක් පමණ වනවා.

මේ නිසා ඉදිරි සති අන්තයේ ප්‍රාන්තය මුළුමනින්ම වසා දැමීමට තීරණය කර ඇති අතර, මධ්‍යම රජයේ වසංගත රෝග පාලන මධ්‍යස්ථානයේ නියෝජිතයන් 6 දෙනෙකු කේරළය වෙත යැවීමටද තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

අරාබි මුහුදට මුහුණලා පිහිටි කිලෝමීටර් 600 ක වෙරළ තීරයක් සහිත දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ජනගහනය මිලියන 34 කට අධිකයි.

එය මෙතෙක් කොරෝනා පාලනය අතින් ඉහළ මට්ටමක පැවති ප්‍රාන්තයක් ලෙසයි සැලකුණේ.

මේ අතර, ඉන්දියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහනට සහය වීම සඳහා ඩොලර් මිලියන 25 ක ප්‍රදානයක් ලබාදෙන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ප්‍රකාශ කළා.