ඕස්ට්‍රේලියාවේ - සිඩ්නි නුවර නිරෝධායන නීති රැකීමට හමුදා සහය පතයි

Thursday, 29 July 2021 - 15:52

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+-+%E0%B7%83%E0%B7%92%E0%B6%A9%E0%B7%8A%E0%B6%B1%E0%B7%92+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
ඕස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නුවර දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යාමත් සමඟ නිරෝධායන නීති රැකීමට හමුදා සහය ඉල්ලා ඇති බව වාර්තා වනවා.

මිලියන 6ක ජනතාව වෙසෙන සිඩ්නි නුවර දැන් සති 6ක් තිස්සේ වසා දමා ඇති අතර, ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය එහි කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමට හේතුවී ඇති බව සඳහන්.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අගනුවර වන සිඩ්නි නුවර අද උදෑසනින් අවසන් වූ පැය 24 තුල නව කොරෝනා ආසාදිතයන් 239ක් වාර්තා වූ අතර එය ගෝලීය වසංගතය ආරම්භ වූ පසු එහි වාර්තා වූ ඉහළම දෛනික ආසාදිත සංඛ්‍යාවයි.