චීනයේත් ඩෙල්ටා පොකුරක්

Thursday, 29 July 2021 - 15:59

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A9%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
ඕස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නුවර දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යාමත් සමඟ නිරෝධායන නීති රැකීමට හමුදා සහය ඉල්ලා ඇති බව වාර්තා වනවා.

මිලියන 6 ක් ජනතාව වෙසෙන සිඩ්නි නුවර දැන් සති 6 ක් තිස්සේ වසා දමා ඇති අතර, ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය එහි කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමට හේතුවී ඇති බව සඳහන්.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අගනුවර වන සිඩ්නි නුවර අද උදෑසනින් අවසන් වූ පැය 24 තුල නව කොරෝනා ආසාදිතයන් 239 ක් වාර්තා වූ අතර එය ගෝලීය වසංගතය ආරම්භ වූ පසු එහි වාර්තා වූ ඉහළම දෛනික ආසාදිත සංඛ්‍යාවයි.

මේ අතර, ඉන්දියාවෙන් ප්‍රථම වරට සොයා ගැණුනු ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය හේතුවෙන් කොරෝනා වසංගතය සාර්ථක අන්දමින් පාලනය කළ චීනයේ නව කොරෝනා පොකුරක් බිහිවී තිබෙනවා.

නැගෙනහිර චීනයේ නැන්ජින් නගරය කේන්ද්‍ර කොට ගෙන මෙම පොකුර ආරම්භ වී ඇත්තේ ගුවන්තොටුපල පිරිසිදුකරන සේවකයන්ගෙන්.

එය ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් මාර්ගයෙන් තවත් ස්ථාන කිහිපයකටම ව්‍යාප්ත වී ඇති අතර, අද දිනයේ නව ආසාදිතයන් 200 දෙනෙකු තහවුරු කරගෙන තිබෙනවා.

මෙය පසුගිය ශීත ඍතුවේදී දෛනික ආසාදිතයින් 2000 ඉක්මවා වාර්තා වීමෙන් පසු චීනයෙන් වාර්තාවන විශාලතම කොරෝනා පොකුරයි.