ඇස්ට්‍රාසෙනෙකා 02 වන මාත්‍රාව අද සිට බස්නාහිර ස්ථාන 76කදී - විහාරමහාදේවී උද්‍යානයේ පැය 24 පුරා ක්‍රියාත්මක එන්නත් මධ්‍යස්ථානයක් (වීඩියෝ)

Sunday, 01 August 2021 - 6:54

%E0%B6%87%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8F+02+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+76%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+-+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%93+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව අද (01) උදෑසන 8.30 සිට කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම එම එන්නත් මධ්‍යස්ථානය පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

එය මෙරට පැය 24 පුරා ක්‍රියාත්මක පළමු එන්නත් මධ්‍යස්ථානය වීම විශේෂත්වයක්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ දිවයිනට රැගෙන ආ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460 ක් අද සිට බස්නාහිර පළාතේ ස්ථාන 76කදී එන්නත් කිරීමේ කටයුතු ආරම්භ වනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ජපානයෙන් ප්‍රදානයක් ලෙස හිමි වූ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා හත් ලක්ෂයකට වැඩි තොගයක් ඊයේ පස්වරුවේ දිවයිනට රැගෙන ආවා.

ඒ අනුව බස්නාහිර පළාතේ ස්ථාන 76කදී ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීමට සැළසුම් කර තිබෙනවා.

එන්නත් ලබාගැනීමට පැමිණීමේදී තම අනන්‍යතාව තහවුරු කිරීමට ජාතික හැඳුනුම්පත සහ පළමු මාත්‍රාව ලබාගත් එන්නත් කාඩ්පත රැගෙන ඒම අනිවාර්ය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේ.

මේ අතර නව කොරෝනා ආසාදිතයින් 2,177 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව තුන් 308,812 දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින් අතරින් 2,150 දෙනෙකු අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් වනවා. විදේශයන්හි සිට පැමිණ නිරෝධායන වන පුද්ගලයින් 27 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සුවය ලැබු මුළු ආසාදිතයින් සංඛ්‍යාව 277,118 ක් ලෙස දැක්වෙන අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 27,314 ක්.

පසුගිය 30 වනදා සිදුවූ තවත් කොරෝනා ආසාදිත මරණ 61 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා.

ඒ අතර කාන්තාවන් 36 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 25 දෙනෙකු සිටිනවා.

අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 42 දෙනෙකු මිය ගිය පිරිස අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4,441ක් ලෙසින්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories