ඇමති බැසිල් සහ තානාපතිවරුන් අතර හමුවක්

Sunday, 01 August 2021 - 8:35

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පිරිපහදු ඉන්ධන සහනදායී ක්‍රමවේදයක් යටතේ ශ්‍රී ලංකාවට ලබා දීමට ඇති හැකියාව සොයා බලන බව මෙරට ඉන්දුනීසියානු තානාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඒ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග පැවති සාකච්ඡාවකදීයී.

ජපානය ඇතුළු තවත් රටවල් 06 ක තානාපතිවරුන් අදාළ සාකච්ඡාවට එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා තාක්ෂණික, මූල්‍ය, ආයෝජන සහ ණය නොවන ප්‍රදාන ලබාදීම සම්බන්ධයෙන් අඛණ්ඩව සහය ලබා දෙන බවයි ජපාන තානාපතිවරයා එහිදී පවසා ඇත්තේ.

බීජ පර්යේෂණ සහ පශු සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකාවට සහය ලබා දෙන බව නෙදර්ලන්ත තානාපතිනිය මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories