කොරෝනා බලපත්‍රයට එරෙහිව ප්‍රංශයේ විරෝධතා

Sunday, 01 August 2021 - 9:17

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
අවන්හල්, වෙළඳසැල්, දුම්රිය, රෝහල් ඇතුළු මහජනයා ගැවසෙන ස්ථානවලට ඇතුළුවීම සඳහා එන්නත්කරණය ලැබූ බවට හෝ ආසාදිතයෙකු නොවන බවට වන බලපත්‍රයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමේ තීරණයට එරෙහිව ප්‍රංශය පුරා දැවැන්ත උද්ඝෝෂණ ඊයේ ක්‍රියාත්මක වුණා.

04 වන කොරෝනා රැල්ලක් වැළැක්වීම සඳහා රජය විසින් ගනු ලැබූ මෙම පියවරට එරෙහිව දෙලක්ෂයකට අධික පිරිසක් වීථිවලට පිවිස විරෝධතාවල නිරත වූ අතර, පැරීසියට එක්රැස් වූ සංඛ්‍යාව 15,000කට අධිකයි.

සිය ගිම්හාන නිවාඩුව නිදහසේ ගත කිරීමට සැරසෙන ප්‍රංශ ජාතිකයින් පවසන්නේ එන්නත්කරණ කොවිඩ් බලපත්‍රය තුළින් සිය මානව හිමිකම් උල්ලංඝනය වන බවයි.

මේ අතර, කොරෝනා වසංගතයෙන් ජගත් සංචාරක ක්ෂේත්‍රයට දෙවන වසරටත් ඇති කළ බලපෑම පිලිඹිබු කරමින් මේ වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුල ජගත් සංචාරක ආගමනය 2019 වසරට සාපේක්ෂව සියයට 85කින් පහත වැටී ඇති බව ලෝක සංචාරක සංවිධානය ප්‍රකාශ කළා.