තුර්කියේ ලැව් ගිනිවලින් විශාල හානියක්

Sunday, 01 August 2021 - 10:14

%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B7%90%E0%B7%80%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තුර්කියේ මධ්‍යධරණී මුහුද ආසන්නයේ පිහිටි නගර ගම්දනව් සිසාරා පැතිරෙන මහා ලැව්ගිනි හේතුවෙන් සිදුව ඇති ජිවිත හානි සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලැව්ගිනි නිසා ඒජියන් මුහුද ආසන්නයේ පිහිටි බෝඩ්‍රම් ප්‍රදේශයේ සංචාරක හෝටල් වලින් විදෙස් සංචාරකයන් ඉවත් කර ගැනීමට පෞද්ගලික බෝට්ටු සහ “යොට්” යොදා ගත් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

වෙරළාසන්නව පිහිටි කඳු ප්‍රදේශවල මෙම ලැව් ගිනි පැතිර තිබූ අතර, එම ප්‍රදේශයේ උණුසුම් වා-දහරකට ලක්ව තිබූ බව සඳහන්.

මෙහි උෂ්ණත්වය ඉදිරි සතියේ ද, සෙල්සියස් අංශක 43 සිට 47 දක්වා ඉහළ යා හැකි බවටයි කාලගුණ අනාවැකි පළ වුණේ.

තුර්කි කෘෂිකර්ම සහ වනාන්තර අමාත්‍යාංශය ප්‍රකාශ කළ පරිදි පසුගිය දින 4 තුල ලැව්ගිනි 101 ක් මධ්‍යධරණී කලාපයේ හට ගෙන ඇති අතර ඉන් 91 ක් මේ වනවිට පාලනය කර තිබෙනවා.