ඉන්දියාවේ කොරෝනා ආසාදන ප්‍රතිශතය ඉහළ යයි

Sunday, 01 August 2021 - 11:12

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%81%E0%B6%AD%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුල ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 41,831 ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව එරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව තුන්කෝටි දහසය ලක්ෂය ඉක්මවනවා.

එමෙන්ම, ගත වූ පැය 24 තුල වාර්තා වූ මරණ 541 ක් සමගින් ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද 424,000 ඉක්මවූවා.

මේ අතර, කොරෝනා පරීක්ෂාවන්ට ලක් කරන පුද්ගලයින් අතරින් ආසාදිතයෙකු වීමේ ප්‍රතිශතය ප්‍රාන්ත 10ක සියයට 10 ඉක්මවා ඇති බව සමස්ත ඉන්දීය වෛද්‍ය ආයතනය ප්‍රකාශ කළා.

ඉන්දියාවේ නව කොරෝනා කේන්ද්‍රය වූ කේරළය මෙන්ම, මහාරාෂ්ට්‍ර, කර්නාටක, තමිල්නාඩු, ඔඩීෂා, ඇසෑම්, මීසොරාම්, මේඝාලය, ආන්ද්‍ර ප්‍රදේශ් සහ මනිපූර් ප්‍රාන්තවල මෙලෙස කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව සඳහන්.