චීනයේ වූහාන් නගරයේ සියලුම ජනතාව කොරෝනා පරීක්ෂණයකට

Tuesday, 03 August 2021 - 13:32

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%96%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94%E0%B6%B8+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7
කොරෝනා වෛරසය ලොව පුරා පැතිරයාමේ මූලාරම්භය සිදුවූ චීනයේ වූහාන් නගරයේ සියලුම ජනතාව කොරෝනා පරීක්ෂණයකට ලක් කිරීමට නගර බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ, වසරකට පමණ පසු එම නගරයෙන් කොරෝනා ආසාදිතයන් හත්දෙනෙකු වාර්තාවීමත් සමඟයි. ඒ අනුව මිලියන 11 ක පිරිසක් ඉතාමත් ඉක්මණින් කොරෝනා පරීක්ෂාවන්ට ලක් කෙරෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

චීනය වසාදැමීම් සහ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ මගින් කොරෝනා වෛරසය පාලනය කළ අතර, වූහාන් නගරයෙන් වාර්තා වූ ආසාදිතයන් හත්දෙනා ද වෙනත් රටවලින් පැමිණි සංක්‍රමණික සේවකයන් බවටයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් මේ වනවිට චීනයෙන් ඩෙල්ටා ආසාදිතයන් ද වාර්තාවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඒ අනුව ගතවූ දින කිහිපය තුළ ඩෙල්ටා ආසාදිතයින් 61 දෙනෙකු එරටින් හඳුනාගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories