ඉම්රාන් ඛාන් අගමැති නිවස කුලියට දෙයි

Thursday, 05 August 2021 - 13:21

%E0%B6%89%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83+%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ඉස්ලාමාබාද් හි පිහිටි නිල නිවස කුලියට ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ, පාකිස්ථානය මේ වනවිට මුහුණදෙමින් සිටින දරුණු ආර්ථීක අර්බුදයෙන් ගොඩඒම සඳහා සහය වෙමින්. එම නිල නිවස විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කරන බවට ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් පාකිස්ථාන පාලක පක්ෂය වන පී.ටී.අයි. පක්ෂය මීට පෙර නිවේදනය කර තිබුණා.

කෙසේ වෙතත් මේ වනවිට අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව අගමැති නිල නිවස ඉදිරියේදී සංස්කෘතික, අධ්‍යාපන මෙන්ම විලාසිතා, ප්‍රදර්ශන ආදී කටයුතු සඳහා කුලියට ලබාදීමට සැළසුම් කර තිබෙනවා.

2019 වසරේ සිට ඉම්රාන් ඛාන් පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර පිහිටි නිල නිවස අතහැර පෞද්ගලික නිවසකයි ජීවත්වනු ලබන්නේ.

මෙමඟින් විශාල මුදලක් රජයට ඉතිරි කරගැනීමට හැකි වන අතර සමාජ සුබසාධක කටයුතු සඳහා එම මුදල් යෙදවීමට අපේක්ෂිතයි.