වික්ටෝරියා ප්‍රාන්තය සතියකට වැසේ

Thursday, 05 August 2021 - 20:25

%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B7%9D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයද සතියක කාලයක් සඳහා වසා දමා තිබෙනවා.

දැනටමත් සිඩ්නි නුවර සති 9ක කාලයක් සඳහා වසා දමා ඇති අතර මේ ගෙවෙන්නේ එහි 7 වන සතියයි.

මේ අතර ඔලිම්පික් උළෙල පැවැත්වෙන ජපානයේ ටෝකියෝ අගනුවර සහ අවට රෝහල්වල උද්ගතව ඇති හදිසි තත්ත්වය හේතුවෙන් කොරෝනා සීමාවන් දැඩි කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඊයේ ටෝකියෝ අගනුවරින් ආසාදිතයින් 5042කු හඳුනාගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.