සීනි ටොන් 4096ක් සඟවා තිබූ ගබඩාවකට මුද්‍රා (ඡායාරූප)

Monday, 30 August 2021 - 15:36

%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%92+%E0%B6%A7%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+4096%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%9F%E0%B7%80%E0%B7%8F+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ආනයනික සීනි මෙට්‍රික් ටොන් 4096ක් ගබඩාකර තිබූ වත්තල, කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටි ලියාපදිංචි නො කළ තොග ගබඩාවකට පාරිභෝගික සේවා අධිකාරිය විසින් අද (30) මුද්‍රා තැබුවා.

අදාල සීනි තොගය මීට මාස කිහිපයක සිට මෙම ගබඩාව තුළ පැවතී ඇති අතර වෙළෙඳපොළ තුල කෘතිම සීනි හිඟයක් මවාපෑමටත්, අසීමිත ලාභ ලැබීමේ අරමුණින් අධික මිලකට පාරිභෝගිකයා වෙත අලෙවි කිරීමේ අරමුණින් මෙම සීනි තොගය මෙලෙස සඟවා  තැබීමට ආනයනකරු විසින් කටයුතු කර ඇති බවට අනවරණය වී තිබෙනවා.

මෙරට වෙළෙඳපොළ තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ස්ථාවරව පවත්වා ගැනීමේ අරමුණින් ඉදිරියේදී ද සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මෙම වැටලීම් කටයුතු අඛණ්ඩව සිදුකරන ලෙස පාරිභෝගික සේවා අධිකාරිය වෙත උපදෙස් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

  








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories