නව රජයක් පිහිටුවීමට ලෙබනනයේ එකඟත්වයක්

Saturday, 11 September 2021 - 13:03

%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B7%99%E0%B6%B6%E0%B6%B1%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දැවැන්ත ආර්ථික බිඳ වැටීමක් වළක්වාලීම සඳහා නව රජයක් පිහිටුවීමට ලෙබනනයේ නායකයින් එකඟත්වයකට පැමිණ තිබෙනවා.

සුන්නි මුස්ලිම් නායකයෙකු වන නජීබ් මිකාටිගේ නායකත්වයෙන් යුතුව පිහිටුවන නව රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පසුගිය වසරේ බීරුට් වරායේ සිදු වූ පිපිරීමෙන් පසු ලෙබනන් රජය බෙදීම් රැසකට ලක් වූ අතර, දේශපාලන ප්‍රතිසංස්කරණයක් සඳහා පියවර ගැනෙන්නේ ඉන් අනතුරුව යි.

මේ සඳහා ලෙබනනයේ හිටපු අධිරාජ්‍ය පාලකයින් වූ ප්‍රංශ රජය මැදිහත් වී ඇති බව සඳහන්.