පාකිස්තානය අනිද්දා සිට කාබුල් වෙත ගුවන් ගමන් අරඹයි

Saturday, 11 September 2021 - 15:29

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවය අනිද්දා සිට ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර වෙත ගුවන් ගමන් යළි ආරම්භ කරන බව එහි ප්‍රකාශකයෙකු ප්‍රංශ පුවත් සේවයට ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව පසුගිය අගෝස්තු 15 වැනිදා තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසු එරට වෙත වාණිජ ගුවන් ගමන් අරඹන ප්‍රථම ගුවන් සේවය වන්නේ පාකිස්තාන ගුවන් සේවයයි.

තලේබාන්වරුන් බලයට පැමිණීමෙන් අනතුරුව පසුගිය අගෝස්තු 30 වැනිදා දක්වා ඇෆ්ගනිස්ථානයෙන් විදේශිකයින් සහ ඇෆ්ගන් සිවිල් වැසියන් 120,000 කට වැඩි පිරිසක් ඉවත් කර ගැනුණා.

එම මෙහෙයුමේදී මෙන්ම පිවිසුමට එල්ල වූ අයි.එස්. බෝම්බ ප්‍රහාරයෙන් කාබුල් ගුවන් තොටුපලට හානි රැසක් සිදුවුණා.

කෙසේ නමුත්, සිය ප්‍රථම වාණිජ ගුවන් යානය ලබන සඳුඳා ඉස්ලාමාබාද් නුවර සිට කාබුල් වෙත පියාසර කිරීමට නියමිත බවයි පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.