අමෙරිකාව 9/11 ප්‍රහාරය අනුස්මරණය කරයි

Sunday, 12 September 2021 - 7:58

%E0%B6%85%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+9%2F11+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අමෙරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ විසිවන අනුස්මරණ උත්සව නිව්යෝක් ඇතුළු ප්‍රහාරයේ මර්මස්ථානවලදී ඊයේ සිදුකෙරුණා.

ඒ, ඇෆ්ගනිස්ථානයෙන් අමෙරිකානු හමුදා ඉවත් කර ගැනීම සහ තලේබාන්වරු යළි බලයට පැමිණීමේ පසුබිම මැදයි.

ප්‍රහාරයේ මූලික ඉලක්කය වූ නිව්යෝක් ලෝක වෙළඳ මධ්‍යස්ථානය පිහිටා තිබූ ස්ථානයේ ස්මාරකය අභියස අමෙරිකානු වේලාවෙන් උදෑසන 8.46 ට නිහැඬියාවක් පළ කෙරුණා.

2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා අල්කයිඩා ත්‍රස්තවාදීන් පැහැරගත් ගුවන් යානාවකින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයට කඩා වැදුණේ එම වේලාවේදීයි.

ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් සහ දිවි ගලවාගත් පුද්ගලයින් එහි රැස්ව සිටි අතර මියගිය සෑම පුද්ගලයෙකුගේම නම් කියවනු ලැබුවේ පැය හතරහමාරක් පැවති අනුස්මරණ උත්සවයේදීයි.

එම අවස්ථාවට ජනපති ජෝ බයිඩ්න් මෙන්ම හිටපු ජනාධිපති බැරක් ඔබාමාද එක්වූ අතර, නිව්යෝක් නුවර දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණා.