ඕස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදිතයින් අඩු වෙයි

Sunday, 12 September 2021 - 9:06

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පසුගිය පැය 24 තුළ කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු නොවීම නිසා තවදුරටත් ප්‍රාන්තය වසා දැමීමක් අවශ්‍ය නොවන බව ඕස්ට්‍රේලියාවේ 03 වන ජනාකීර්ණතම ප්‍රාන්තය වන ක්වීන්ස්ලන්ත බලධාරීන් ප්‍රකාශ කළා.

පෙර දිනයේ ආසාදිතයින් 05 දෙනෙකු හමුවීම නිසා එලෙස සීමාවන් පැනවීමට සිදුවිය හැකි බවට ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය අනතුරු අඟවා තිබුණා.

කෙසේ නමුත්, තවදුරටත් නව ආසාදිතයින් හමු නොවීම නිසා එලෙස නිරෝධායන සීමාවන් පැනවීමට අපේක්ෂා නොකරන බව දැන් ප්‍රාන්ත බලධාරීන් සඳහන් කරනවා.

ඕස්ට්‍රේලියාවේ ජනාකීර්ණතම ප්‍රාන්ත වන වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල නිරෝධායන සීමාවන් තවදුරටත් ක්‍රියාත්මකයි.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙලෙස ප්‍රාන්ත වසා දැමීම නිසා ඕස්ටේ්‍රලියානු ආර්ථිකයද පසුබෑමකට ලක්ව තිබෙනවා.