සැප්තැම්බර් 11 ප්‍රහාරයේ විමර්ශන ලිපිගොනු මුල්වරට විවෘත කෙරේ

Sunday, 12 September 2021 - 13:37

%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+11+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
මීට විසි වසරකට පෙර 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා අමෙරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන වාර්තා ලිපිගොනු ඊයේ ප්‍රථම වරට හෙළිදරව් කෙරුණා.

ඒ, ජනපති ජෝ බයිඩ්න් නිකුත් කළ නියෝගයකින්.

අදාළ විමර්ශන ලිපිගොනු විවෘත නොකර ත්‍රස්ත ප්‍රහාරයේ විසිවන අනුස්මරණ උත්සවවලට සහභාගි නොවන්නැයි ප්‍රහාරයෙන් විපතට පත් පවුල්වල සාමාජිකයින් අමෙරිකානු ජනපතිවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබුණා.

සැප්තැම්බර් 11 ප්‍රහාරයේදී ගුවන් යානා පැහැරගත් 19 දෙනාගෙන් 15 දෙනෙකුම සෞදි ජාතිකයින්. ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව සෞදි බලධාරීන් දැනුවත් වී සිටි බවට චෝදනා එල්ල වී තිබුණා.

ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල්වල සාමාජිකයින් විශේෂයෙන් අවධානය යොමුකර ඇත්තේ එලෙස ඊට සෞදි රජයේ සම්බන්ධයක් පැවතුනේද යන්න පිළිබඳවයි. විපතට පත්වූවන්ගේ ඇතැම් පවුල් දැනටමත් සෞදි රජයට එරෙහිව වන්දි ඉල්ලා නඩු පවරා අවසන්.

ප්‍රකාශයට පත්කර ඇති විමර්ශන වාර්තාවලින් ප්‍රහාරයට සම්බන්ධ සෞදි ජාතිකයින්, සෞදි අරාබියේ සිටින ඔවුන්ගේ සඟයින් අතර සිදුවූ සංවාද ද හෙලිදරව් කර තිබෙනවා. එහෙත්, ප්‍රහාරයට සෞදි රජයේ සම්බන්ධයක් පැවති බවට එහිදී කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.

කෙසේ නමුත්, දැන් මෙලෙස හෙලිදරව් කර ඇත්තේ අදාළ විමර්ශන කමිටුවේ පිටු 28 ක වාර්තාවෙන් සංස්කරණය කළ පිටු 16 ක් පමණයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories