ජපාන මුහුදේ සැක කටයුතු සබ්මැරීනයක්

Sunday, 12 September 2021 - 13:53

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%B6%E0%B7%8A%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සිය දකුණු දිග දිවයින් ආසන්නයේ සැක කටයුතු සබ්මැරීනයක් නිරීක්ෂණය කළ බව ජපාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එය චීනයට අයත් සබ්මැරීනයක් බවට සැක කෙරෙන අතර, එය ආසන්නයේ චීන ප්‍රහාරක යුද නෞකාවක්ද දක්නට ලැබුණු බව සඳහන්.

ජපාන නාවික හමුදාව සඳහන් කළේ අඩක් ජලයේ ගිලුණු යාත්‍රාවක් දකුණු දිග දිවයින් හි මුහුදු සීමාවට මදක් ඔබ්බෙන් දක්නට ලැබුණු බවයි යුද නෞකාවක්ද ඒ ආසන්නයෙන් දර්ශනය වී තිබෙනවා.

චීන යාත්‍රා සිය මුහුදු තීරය ආක්‍රමණය කරන බවට ජපානය මීට පෙරද චෝදනා නගා තිබුණා.