පාප්වහන්සේ යුරෝපා සංචාරයක

Monday, 13 September 2021 - 9:29

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A
ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ යුරෝපා සංචාරයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ අලුයම උන්වහන්සේ කෙටි සංචාරයක් සඳහා හංගේරියාවට බලා පිටත් ව ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

84 හැවිරිදි ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ හංගේරියාවේ බුඩාපෙස්ට් අගනුවර පැය හතක කාලයක් රැඳී සිට ඇති අතර, ජාත්‍යන්තර රෝමානු කතෝලික හමුවකට එක් ව තිබෙනවා.

ඉන් අනතුරුව පාප් වහන්සේ ස්ලොවැකියාව බලා පිටත් ව ගොස් අති අතර, ලබන බදාදා තෙක් උන්වහන්සේ එහි රැඳී සිටීමට නියමිත යි.